නින්ද නොයන හැන්.. අම්මටසිරි පාන්දර 4යි!

 

 

නිශාචරකමට ඇබ්බැහි උනාම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා ආපහු “මනුස්සයෙක්” වෙන්න තියෙන අමාරුකම 😂 දැන් මම මේක ලියද්දි වෙලාව පාන්දර 4.20යි. හෙට උදේ 8 වෙද්දි ඉන්න ඕන ක්ලාස් එකේ ඒත් තාම නිදි නෑ. (මොන අපත ජීවිතද ඉතින් නේ?) අපේ අම්මාලාගෙ වචන වලින් කිව්වොත් අපි පට්ටම අපත, එලොවටත් මෙලොවටත් නැති හීන ලෝක වල පාවි පාවි ඉන්න උන් 😅 ඒත් ඇත්තටම අපි එහෙමද? ඇයි අපි මෙහෙම ඇහැරන් ඉන්නේ? පාන්දර 4ම නෙවේ ඒත් ගොඩ දෙනෙක් අඩුම 1,2 පහුවෙනකන් ඇහැරන් ඉන්නවා කියල මං දන්නවා.

සාමන්‍යෙන් මේ 12 පහු උනාට පස්සේ තමයි මිනිහෙකු හෝ ගැහැනියක ගේ ඇතුලාන්තයට කතා කරන්න, ඒ ඇතුලාන්තයට එබෙන්න ඔබට පුලුවන් වෙන්නේ.

ඒක මැජික් එකක් වගේ!

හද,තරු,රෑ අහස,සිතල පරිසරය,නිහඩබව,නිශ්චලබව, කලුවර,මේ හැමදේම අදින්නේ අපේ feelings කියන පැත්ත ත්‍ෘප්තිමත් කරන්න.
ගින්නෙන් දැවෙන රාගය උනත් ආදරයෙන් තෙමලා මායාමය හීන ලෝකෙක තනිකරන්න මේ රෑට පුලුවන්.

හැමෝටම මේ ලෙඩේ නෑ ඉතින්. සමහරු ඉන්නවා ඇදට වැටුනත් ඇති දඩාස් ගාලා දොයි 😁 ඒත් මං වගේ කීපදෙනෙක් ඉන්නවා. රෑ ඇහරගෙන හීන දකිනවා..
ගොඩක් වෙලාවට ජීවිතේ අනුස්මරණය කරනවා, එහෙම නැත්තන් ජීවිතේ තේරුම ගැන කල්පනා කරනවා.. (එහෙමත් නැත්තම් ඉතින් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න නයිට් ඩේටා නිසා නිදිමරන සෙට් එකකුත් ඉන්නවා ඉතින් ඔයාලා අදාල නෑ 😒)

මේකත් මේ නින්ද යන්නේ නැති නිසා නිකන් ලිව්ව එකක්. බ්ලොග් එකට ගොඩ උනාට ස්තුතිය.ඉතින් මේක කියවන ඔයැයිත් නිදි මරන් නැතුව ඉක්කන්ට නිදාගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 😄

සුබ!

Advertisements

Fantacy නැමත්තා හා ඔහුගේ Reality නම් සහෝදරිය:

ෆැන්ටසිය…

අපි හැමෝම අපේ ඔලු අස්සේ හැංගිච්ච මනස ද, සිත ද මොකක්ද කියන එක අතරමං කරවන්න හදන සුන්දර පාරාදීසයක්.

ගෑනු ළමයි ආස රෝස පාට කගවේනු, පිරිමි ළමයි ආස සුපිරි වීරවරු, සියුම් මල් පෙති, පැනි රස කෑම පුරවපු කරත්ත, කරුනාවන්ත සුරංගනාවන් පිරිච්ච දේදුනු පාටින් හැඩවුනු අපේ ළමා කාලයේ ෆැන්ටසිය, අපි යාන්තමට ලොකු ගැහැනු මිනිස්සු වෙද්දි ටික ටික “සදාතනික ප්‍රේමය” නම් virus එකක ආක්‍රමණයෙන් පරිණාමයට පත් වෙනවා.

ඊට පස්සේ සුරංගනාවන් වීසි කරලා Prince Charming එනවා වගේම, සුපිරි වීරවරුන්ට කොනට වෙලා ඉන්න කියලා “සුදු අම්මි” අර ෆැන්ටසියට වඩිනවා. ඕක වෙද්දි යාන්තම් මෝදුවුන තිසරුයි, කිරි සුවද නොගිය දැලි රැවුලයි නිසා අපි හෙන ආඩම්බරෙන් නොවැ ඉන්නෙ!

ඔය පරිණාමය සිදු වෙලා අවුරුදු 7ක් 8ක් නික්ම ගිය තැන ඒ කියන්නේ ඔබට දැන් 20, 21 පහුවෙලා..

තාමත් ඒ ෆැන්ටසියේ සුදු අම්මි හෝ චාමින් කුමාරය වැඩ ඉන්නවාද?

රියැලිටිය, ෆැන්ටසිය තරම් මිහිරි නෑ. තිත්තයි. ඒත් රියැලිටිය නොහොත් යතාර්ථය ඇත්තටම යතාර්ථයක් ද?

ඔබ Dark Fantasy ගැන අසා තිබේද? සුරංගනාවන් වෙනුවට දුෂ්ට බලවත් මායාකාරියන් පිරිච්ච , ලේ උරා බොන වැම්පයර් වරු, හද එලියට වෙනස් වෘකයන් වන වෘක මිනිස්සු, හිතුන හිතුන වෙලාවට පෙනුම වෙනස් කරන ශේප්-ශිෆ්ටර්ස් ලා හැම තැනම සැරිසරන, මායාවන් වලින් ලස්සන පාරාදීසයක් වගේ පෙනුනත් භායානකකම ඉතිරෙන dark fantasy ගැන ඔබ දන්නවා ද?

මං හිතන්නේ රියැලිටිය කියන්නෙත් එක්තරා විදියක තවත් කල්පිතයක් විතරයි. ඒක තමයි මේ අදුරු ෆැන්ටසිය . සමාජයේ ඔබට වැම්පයර් වරු වගේ ඔබේ සතුට, ඔබේන් උදව් උරාබී ඔබව අතහැර යන මිනිසුන් හමුවේවි. ශේප්-ශිෆ්ටර්ස් ලා, වෘක මිනිස්සු වගේ මේ බලා ඉද්දි වෙනස් වෙන ද්‍රෝහීන්, පාප මිත්‍රයින් ඔබට මුණගැසේවි. බල තණ්හාවෙන් මිරිකෙන නපුරු මන්තරකාරියන් වගේ භයානක බලවතුන් ගේ යටත් වැසියන් ලෙස ඉන්නට ඔබට සිද්දවෙයි.

එතකොට, මේ හැම දෙයක්ම ෆැන්ටසියක් එහෙම නැත්තම් කල්පිතයක් නම් අපි ජීවත් වෙන්නෙ සම්පූර්ණ මායාවකද?

උපන්දා ඉදන් ඉන්නේ හීනයකද?

අපිට මේ මුනගැසෙන කිසි කෙනෙක්ගේ හිත් කියවන්න බැහැ. ඔවුන් ඇත්තටම ඉන්න පුද්ගලයින්ද, නැත්තම් තවත් එක් මායාවක් විතරද?

ඇත්තම ඇත්ත පවතින්නේ කොහේද?

ඔබ හැගීම් වලට වහල් නොවී ඔබ ඔබ වෙනුවෙන්ම මහන්සි වී ක්‍රියාකල යුත්තේ මේ යතාර්ථය කියා හදුන්වන කිසිවෙක් යතාර්ථයට අයත් නොවන නිසාත්, මේ ලෝකය Dark Fantasy එකකුත් වන නිසා ය.

හැගීම්වලින් නිර්මිත ජීවින් අතිශයින් භයානකයි. ප්‍රවේසමින් ඉන්න.

සුබ!